සිපගත්තාට සෙම්ප්‍රතිශ්‍යාව  වැළදෙන්නේ නැහැ, නමුත් අත් අල්ලාගෙන සිටීමෙන් නම් එය සිදුවෙනවා.

සහකරුවා හෝ සහකාරිය සිපගත්තොත් සෙම්ප්‍රතිශ්‍යාව වැළදෙයි කියා ඔබ පසුතැවිලි වෙනවද ?

ඔබ එසේ පසුතැවිලි විය යුතු නැහැ, මොකද ඛේටය හුවමාරු වීමෙන් එක් අයෙකුගෙන් තවත් අයෙකුට සෙම්ප්‍රතිශ්‍යාව බෝවෙන්නේ නැහැ.

නමුත් අත් අල්ලා ගෙන සිටීමෙන් නම් සෙම්ප්‍රතිශ්‍යාව බෝ වෙන්නට පුළුවන්. මොකද, කහින විට සහ කිවිසුම් හරින විට ඔබේ සහකරුවා හෝ සහකාරිය අත්ලෙන් මුහුණ වසා ගැනීම බොහෝවිට සිදුකරනවා. ඒවගේම අපිරිසිඳු අත් ලේන්සු අත්ලේ දවටා ගෙනද සිටිනවා. එම නිසා අත්ලේ ඇගිලි මත වෛරසයන් බහුලවම තැන්පත්වී තිඛෙනවා. මෙම අදහස් ප්‍රකාශ කර සිටයේ කාදිෆ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රොන් එක්ලිස් මහතායි.ල ජදකා එරු්එපැබඑග ජමරු ාසිැ්ිැි


සෙම්ප්‍රතිශ්‍යාව ඉතාමත් පහසුවෙන් බෝවෙන්නේ නැහැ,  මොකද ඔබේ ශරීරයේ තැන්පත් වෙන වෛරසයන් නාසය දක්වා හෝ ඇස් දක්වා ගමන් කරන්නට පැය ගණනාවක්ම ගතවෙනවා. එම ස්ථානයාන් වලදී තමයි වෛරසය වර්ධනය වෙන්නේ.

නොදුටු ලෝකයෙන් ඉදිරිපත් කරනු ලැබූ මෙම වටිනා ලිපිය සැමගේ දැනගැනීම පිණිස පහතින් ෂෙයාර් කරන්න. ෂෙයාර් කරන විට ලිපියේ මාතෘකාවද  සඳහන් කරන්නට අමතක කරන්න එපා.

Comments