නවසීලන්තය යනු ඇමරිකානුවන් පවා ජීවත්වීමට සිහින මවන රටකි. මොකද නවසීලන්තය ඒ තරමටම සුන්දරයි. ඉතින් අද වීඩියෝ එකෙන් අපි නවසීලන්තය පිළිබඳව කතාකරමු. 

පළමුවෙන්ම කියන්න ඕනේ නවසීලන්තය කියන්නේ පැසිෆික් සාගරයේ ඔස්ට්‍රේලියාවට ගිනිකොනදගින් පිහිටි දුපත් රටකි. ඒවගේම නවසීලන්තය අන්ටාක්ටිකාවට සමීපතම රටවල් අතරින් එකක් ලෙසත් හනුද්න්ව්නනට පුළුවන්. 

වෙනත් රටවල් වගේ නොවෙයි, නවසීලන්තයේ ස්වදේශීය ජනතාව මුළු ලෝකයම පුරාම ප්‍රසිද්දයි. තවද එවරස්ට් තරණය කරපු පළමු පුද්ගලයා සිටින්නේත් නවසීලන්තය තුලයි. රළ මත ලිස්සායාම, ස්කයිඩයිවින් සහ බන්ජී ජම්පින් වැනි දේවල් වලටත් නවසීලන්තය ඉතාමත්ම ප්‍රසිද්ධයි. දැන් අපි නවසීලන්තයේ අගනගරය පිළිබඳව කතාකරමු. 

නවසීලන්තයේ අගනගරය වන්නේ වෙලින්ටන් නගරයයි. වෙලින්ටන් නගරය තමයි  නවසීලන්තයේ දෙවෙනියට ජනාකීර්නම නගරය වන්නේ. නවසීලන්තය ප්‍රධානම කොටස් දෙකකට බෙදා වෙන් කරන්නට පුළුවන්. ඒ තමයි උතුරු නවසීලන්ත දුපත සහ දකුණු නවසීලන්ත දූපත. වෙලින්ටන් අගනගරය පිහිටා තිබෙන්නේඋතුරු නවසීලන්ත දුපතේ අග කොටසට වෙන්නයි.  උතුරු නවසීලන්ත දූපත වෙනම දුපතක් වශයෙන් ගත්තොත්, එය තමයි ලොව 14 වෙනියට විශාලතම දුපත වන්නේ. නවසීලන්තයේ වැඩිම ජනගහණයක් වෙසෙන්නේ එහි උතුරු කොටසේ බවද මතක තබාගන්න. ලොව 12 වෙනියට විශාලතම දූපත වන දකුණු නවසීලන්ත දූපතේ නම් එතරම් ජනගහනයක් නැහැ. 

1856 වර්ෂයේ සිට අද දක්වාම වෙලින්ටන් නගරය නවසීලන්තයේ අගනගරය ලෙස කටයුතු කරනවා. 

2017 වර්ෂයේ සංඛ්‍යාලේඛන වලට අනුව නවසීලන්තයේ තුල 48,881,980ට ආසන්න ජනගහනයක් සිටිනවා. එමනිසා ලෝක ශ්‍රේණිගත කිරීම් වලට නුව ජනගහනය අතින් නවසීලන්තයට හිමිවන්නේ 127වෙනි ස්ථානයයි. ජනගනත්වය පිළිබඳව කතාකරොත් එය වර්ගකිලෝමීටරයට පුද්ගලයින් 17.9ක් තරම් ප්‍රමාණයකි. එම ජනගහනය වෙසෙන්නේ වර්ගකිලෝමීටර් 268,021ක් තරම් ප්‍රමාණයක් තලයි. නවසීලන්තයෙන් සියයට 1.6ක් තරම් ප්‍රතිශතයක් තිබෙන්නේ ජලය බව ඔබ දන්නවාද ? 

විශේෂයෙන්ම මතක් කලයුතුයි නවසෙඑලංථෞඑ ආණ්ඩු ක්‍රමයේ විශේෂයක් තිබෙනවා. නවසීලන්තයේ තිබෙන්නේ ඒකීය පාර්ලිමේන්තු ආණ්ඩු කරමයකි. ඉන් අදහස් කරන්නේ මුළු රටම පාලනය වන්නේ එක් මධ්‍යම ආණ්ඩුවකින් පමණක් බවයි. පාලනයේ පහසුව පිණිස රට පළාත්වලට බෙදා වෙන්කර තිබුනත්, එම පළාත් වලට තිබෙන්නේ මධ්‍යම රජය විසින් පවරනු ලැබූ සීමිත බලයන් පමණයි. මේ වන විට නවසීලන්ත රජය පාලනය කරන්නේ ජසින්ඩා ආර්ඩර්න්  කියන අගමැතිවරිය විසින්. ඇය අගමැතිවරිය ලෙස වැඩබාරගත්තේ 2017 මාර්තු 7 වෙනිදායි.  ඇය අගමැති පදවියට පැමිණියේ වයස අවුරුදු 97දීයි. එම නිසා ඇය ලොව ලාබාලතම රාජ්‍ය නායිකාව බවට පත්වෙනවා. 

නවසීලන්තයේ දල ජාතික නිෂ්පාදිත අගය ඩොලර් බිලියන 215.1 පමණ වෙනවා. ඒවගේම ඒක පුද්ගල දල ජාතික නිෂ්පාදිතය 44,0069ක් තරම් වැඩි අගයක් ගන්නවා. ඉන් ඩොලර් බිලියන 35.8ක් තරම් ප්‍රමාණයක් ඔවුන් උපයාගන්නේ අපනයනයන් වලින්. නවසීලන්තයේ ප්‍රධානම අපනයන භාණ්ඩයන් වන්නේ කිරි, ගව, එළු සහ බැටළු මස් වර්ගයි. ඊට අමතරව බටර්, චීස් සහ වයින් වැනිදේවල්ද අපනයනය කරනවා. නවසීලන්තය ලොව 8 වෙනියට විශාලතම කිරි නිෂ්පාදකයා නිසා එය පුදුමයට කරුනකුත් නොවෙයි. ලෝක කිරි අවශ්‍යතාවයෙන් සියයට 2.2ක් තරම් ප්‍රමාණයක් සපුරාලීමට නවසීලන්තයට හැකිවී තිබෙනවා. විශ්වාස කරන්න නවසීලන්තය තුල මිනිසුන්ට වඩා වැඩි කිරි එළදෙනුන් සහ බැටළු සංඛ්‍යාවක් වෙසෙනවා. 

නවසීලන්තය පිළිබඳව කතාකරන විට මඕරි ලෙස හඳුන්වන ස්වදේශීය ජනවර්ගය පිළිබඳව කතානොකරම බැහැ. මොකද ඔවුන් මුළු ලෝකය පුරාම ප්‍රසිද්ධයි. නවසීලන්තයේ නිල භාෂාවන් දෙකක් තිබෙනවා. මඕරි භාෂාවද ඒ අතරට ඇතුලත් වෙනවා. එම භාෂාව කතාකරන පිරිස සමස්ත නවසීලන්ත ජනගහනයෙන් සියයට 3.7ක් තරම් අගයක් ගන්නවා. නමුත් මඕරි ජනතාව නම් සියයට 14.9ක් තරම ප්‍රමාණයක් සිටිනවා. සුදු ජාතිකයින් එහි පැමිණීමට පෙර නවසීලන්තය නිජභූමිය කරගෙන සිටියේ ජනවර්ගයයි. එම ජනවර්ගය ඉහල විවිධත්වයකින් යුක්තයි. මොකද ඔවුන් සතුව රණකාමී සංස්කෘතියක්ද තිබෙනවා. 

නවසීලන්ත මිනිසුන් සොබාදහම සහ අවට පරිසරය ඇසුරුකරගෙන වෙසෙන ජනතාවක් කිව්වොත් නිවැරදියි. නවසීලන්තය තුල යුනෙස්කෝ ලෝක උරුමයන් 3ක් තිබෙනවා. එනම් sub atlantic islands, ටොන්ගේරිරෝ ජාතික උද්‍යානය සහ ටී වහිපොවුනාමු එම ස්ථානයන් තුනයි. 

ටී වහිපෞනාමු යනු මාඕරි වල ග්‍රීන්ස්ටෝන් පාෂාණ භූමියකි. එය සැතපුම් 280ක් පුරා පැතිර පවතිනවා. ඒවගේම ඒ තුල ජාතික උද්‍යාන 4ක් පමණ තිබෙනවා. නවසීලන්තයේ විශාලතම ජාතික උද්යානයත් පිහිටා තිබෙන්නේ එම ප්‍රදේශය තුලයි. වසරකට ලක්ෂ 5ක් තරම් විදෙස් සංචාරකයින් පිරිසක් එහි පැමිණෙනවා. 

නවසීලන්තයේ පිහිටි උසම කන්ද වන්නේ මවුන්ට් කුක් කන්දයි. එය අඩි 12,218ක් තරම් උසයි. නවසීලන්තය තුල ගිනිකඳුද විශාල ප්‍රමාණයක් තිබෙනවා. පොළවෙන් උඩ වගේම ජලයෙන් යටත් ගිනිකඳු තිබෙනවා කිව්වොත්, ඔබ පුදුමයට පත්වේවි. සමස්තයක් වශයෙන් නවසීලන්තය තුල ගිනිකඳු 83ක් තිබෙනවා. ඒ අතරින් විශාලතම සක්‍රීය ගිනිකන්ද වන්නේ මවුන්ට් රුඅපීහු ගිනිකන්දයි. 









Comments